Ad Code

Ticker

6/recent/ticker-posts

මෙහෙයුම් පද්ධති

 ප්‍රශ්නය

01)  

1. ගොනු ආචයන විභජන ක්‍රම තුනක් දක්වන්න.

2.මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන නියමකරණ වර්ග 3 ක් දක්වා ඒවායේ කාර්‍ය භාරය සැකෙවින් ලියා දක්වන්න.

3.මෙහෙයුම් පද්ධති පරිණාමයේ ප්‍රදාන අවධි 4 කවරේද?

4.මෙහෙයුම් පද්ධතියක සන්දර්භ ස්විචය මඟින් ඉටු කරන කාර්‍ය භාරය සැකෙවින් විස්තර කරන්න.




පිලිතුර

01)

1.යාබඳ විභජනය , සබැඳි විභජනය ,  සූචක/ අනුක්‍රමික විභජනය

2.දිගු කාලීන නියමකරණය - නව / නිර්මිත තත්වයේ ඇති ක්‍රියායන සූදානම් තත්වයට යැවීම සිදු කරයි.

 මධ්‍යකාලීන නියමකරනය -  ප්‍රධාන මතකය සහ ද්විත්‍යීක මතකය අතර ක්‍රියායන හුවමාරුව සිදු කරයි .

 කෙටි කාරීන නියමකරණය - සූදානම් තත්වයේ ඇති ක්‍රියායන ධාවන / ක්‍රියාත්මක තත්වයට පත් කරනු ලබන්නේ මෙම නියමකරණය මඟිනි.

3.මෙහෙයුම් පද්ධතියක් නොමැති අවධිය

සරල කාණ්ඩ පද්ධති

බහුක්‍රමලේඛිත කාණ්ඩ පද්ධති

කාල විභජන පද්ධති

4.සන්දර්භ ස්විචය මඟින් පරිඝනකයකට බහු කාර්‍ය හැකියාව ලබා දෙනු ලැබේ. ක්‍රියායන එකිනෙක හුවමාරු වෙමින් එකවර ක්‍රියායන කීපයක් ක්‍රියාත්මක වීමට මින් ඉඩ සලසනු ලැබේ.

ධාවන තත්වයේ ඇති ක්‍රියායනයක් නැවත්ත් සූදානම් තත්වයට හෝ වෙනත් තත්වයකට යැවීමේදී අදාල ක්‍රියායනය පැවති තත්වය ක්‍රියායන පාලන කණ්ඩයේ සටහන් කරනු ලබයි.

නැවතත් එම ක්‍රියායනය ක්‍රියාත්මක වීමේදී පෙර නැවැත්වූ ස්ථානයේ සිට ක්‍රියාත්මක වේ.




Post a Comment

0 Comments