01)
1.අන්තර්ජාල වෙන්දේසියෙහි ප්‍රධාන ආකාර 2 නම් කර ඒවායේ වෙනස්කම් සන්සන්දනය කරන්න.
2.පහත ගනුදෙනු කුමන ඊ ව්‍යාපාරික ගනුදෙනු වර්ගයකට අයත් වෙ දැයි සඳහන් කරන්න.
---a)නිදහස් නිර්මාණ ශිල්පියෙක් (freelanzer) තම ග්‍රැෆික් නිර්මාණයක් ව්‍යාපාර සමාගමකට මාර්ගගතව ලබා දී ඒ සඳහා ගෙවීමක් ලබා ගැනීම
---b)microsoft සමාගමේ වෙබ් අඩවිය ඔස්සේ සිසුවෙක් මෘදුකාංගයක් මිලදී ගැනීම.
---c)ගුවන් ව්‍යාපාරයක් තම සේවකයන්‍ට අඩු මිල ගනන් යටතේ ගුවන් ටිකට් පත් ලබා දීම.
3.ඊ ව්‍යාපාරක පවතින වාසියක් සහ අවාසියක් සඳහන් කරන්න.
4."නිහින පද්ධතියක් මඟින් භෞතික පරිඝනනය (physical computing) සිදු කරනු ලබයි" නිහින පද්ධතියක් යනු කුමක්දැයි පහදමින් ඉහත කියමන පැහැදිලි කරන්න.
පිළිතුර
01)
1.ඉදිරි වෙන්දේසිය -
--එක් විකුනුම් කරුවෙකුට ගැනුම්කරුවන් කීප දෙනෙක් සිටී
--විකුනුම්කරු භාන්ඩය හෝ සේවාව විකුනන්නේ ඉහලම ලංසුව තැබූ ගැනුම් කරුවාටය.
--ගැනුම් කරුට භාණ්ඩය ලබා ගැනීමට ඉහල මුදලක් ගෙවීමට සිදු වෙයි.
ප්‍රතිවෙන්දේසිය -
--එක් ගැනුම්කරුවෙකුට විකුණුම්කරුවන් කීප දෙනෙක් සිටී
--ගැනුම්කරු භාන්ඩය හෝ සේවාව ලබාගන්නේ අවම ලංසුව තැබූ විකුණුම්කරුවාගෙන්‍ය.
--ගැනුම් කරුට භාණ්ඩය ලබා ගැනීමට ගෙවිය යුත්තේ අවම මුදලකි.
2.
--a) C2B (consumer to business)
--b) B2C (business to consumer)
--c) B2E (business to employee)
3.වාසි- ලොව ඕනෑම තැනක සිට සම්බන්ධ වීමේ හැකියාව.
අවාසි - ගනුදෙනු වල ආරක්ෂාව පිලිබද ගැටලු මතු වීම.
4.නිහිම පද්ධතියක් යනු ශීතකරනය , රෙදි සෝදන යන්ත්‍රය වැනි වෙනත් පද්ධතියකට කාවද්දා ඇති පරිඝනක පද්දතියකි.එය ආදාන ලබාගෙන ක්‍රියාවලිය සිදු කිරීමෙන් ප්‍රතිදාන ලබා දෙයි.
එනම් මෙය ආදාන ක්‍රියාවලි ප්‍රතිදාන යන ආකෘතිය භාවිතා කරයි. සංවේදක මඟින් ලබාගන්නා වේගය ආලෝකය වැනි භෞතික ලෝකයේ ඇති තත්ව ආදාන ලෙස ලබා ගෙන දී ඇති ක්‍රමලේකනයකට අනුව සකසනය විසින් සැකසීම සිදු කර ප්‍රතිදානයක් ලබාදෙයි.
ප්‍රතිදාන මඟින් යෝජක (Actuators) ක්‍රියාවට නංවා එමඟින් වේගය , ආලෝකය වැනි භෞතික තත්වයන් වෙනස් කරයි.
එනිසා නිහින පද්ධති මඟින් භෞතික පරිඝනනය සිදු කරන බව පැහැදිලි වේ.

0 Comments